නාලන්දා මහ විදුහල් මාතා
දිනේ දිනේ අප විදුහල් මාතා
ශිල්ප කලා රස කවා පුබුදුවා
දහම් සතර කිරිපොවා සණසවා
මහසෙන් ගැමුණු පැරකුම් ගජබා
ගත් මග යන්නට අප දිරිගන්වන
සිරිකත ලෙස සෙත සලසාලන ඔබ
සමරමු හද පිරි බැතිණි සදා
දෙස බස හොබවා සිරිසැප සලසා
දරු දැරියන් අප සෙවනට කැඳවා
ගුණෙන් නැණින් නිති අප නලවන ඔබ
දිනේ දිනේ විදුහල් මාතා