විදුහල්පති පණිවිඩය
අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය

දිනෙන් දින විශිෂ්ඨත්වය කරා පිය නගල අප පාසල දකුණු පළාතේ ඇති දීප්තිමත් පාසලකි. අප සිසු දරුවන් කලාප, පළාත් මෙන්ම ජාතික මට්ටමේ ජයග්‍රහණ රාශියකට උරුමකම් කියන අතර, පාසලෙන් බිහි වූ කීර්තිමත් ආදි සිසුන් ද බොහොමයකි. අද වන විට ඔවුන් රටේ ඉහළ තැන්වන තනතුරු දරමින් රට දැය වෙනුවෙන් සුවිශේෂි මෙහෙවරක් ඉටු කරති.
ගා/අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය ඇල්පිටිය කලාපයේ 1AB පාසලකි.වර්තමානයේ අප පාසලේ ඉගනුම ලබන ශිෂ්‍ය සංඛ්‍යාව 637 කි.6-13 ශේණිවල ඉගෙනුම් ඉගැන්වීම් සිදුකරන අතර උසස් පෙළ සදහා කලා,වාණිජ,ගණිත විෂය ධාරාවන් උගන්වයි.මහින්දෝදය විද්‍යාගාර පහසුකම් වලින්ද සමන්විතයි.අධිවේගී අන්තර්ජාල පහසුකම්ද පාසල සතුය.
2020 වර්ෂයේ අ.පො.ස සා/පෙළ විභාග ප්‍රතිඵල අනුව සිසුන් 79ක් විභාගයට පෙනීසිටි අතර සිසුන් 79න් 72ක් උසස්පෙළ හැදැරීමට තේරි පත්විය.ප්‍රතිශතයක් ලෙස ගත් කළ 91% කි.2020 වර්ෂයේ අ.පො.ස උස්ස පෙළ ප්‍රතිඵල අනුව සිසුවියන් 07 දෙනෙකු විශ්ව විද්‍යාල වරම් විද්‍යාල වරම් ලබාගත් ජනප්‍රීය පාසලකි.
තාක්ෂණය බොහෝ සෙයින් වෙනස් වෙමින් වැඩි දියුණු වෙමින් පවතින වකවානුවත ප්‍රඥාවේ ආලෝකය සියළු දෙනා වෙත ළඟා කර දීම යන අරමුණ පෙරදැරිව ආචාර්ය මණ්ඩලයේ සියළු දෙනාත් කටයුතු කරයි.
අප පාසල තොරතුරු තාක්ෂණ අංශයෙන් ද පසුගිය වසර පුරා විශාල දියුණුවක් අත්කරගෙන ඇත.
අප විද්‍යාලය සමග සම්බන්ධ විවිධ පාර්ශව සමග අදහස් හුවමාරුවේදී හා තොරතුරු හුවමාරුවේදී මෙම වෙබ් අඩවිය ඵලදායී ලෙස යොදා ගැනීමට හැකි වනු ඇතැයි මා විශ්වාස කරමි. අප විද්‍යාලය සමග සම්බන්ධ සියළු පාර්ශවයන්ට අප පාසල් බෙව් අඩවිය සමග සම්බන්ධ වී පාසලේ උන්නතියට සහයෝගය දක්වන මෙන් ආරාධනය කර සිටිමි.
මෙම කර්තව්‍ය සාර්ථක කර ගැනීම සඳහා උරදුන් සැමට මාගේ හෘදයාංගම ස්තූතිය පිරිනමන අතර දරු දැරියන්ගේ යහගුණ මෙන්ම අධ්‍යාපන කටයුතු දිනෙන් දින වර්ධනය වේවා යි ප්‍රාර්ථනා කරමි.
විදුහල්පති,
ඒ.පී.හපුආරච්චි මිය
අවිත්තාව නාලන්දා මහා විද්‍යාලය